ඉතිහාසයේ ඉහළම බදු ආදායම 2024 දී

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙතෙක් ඉතිහාසයේ රැස් කරන ලද ඉහළම බදු ආදායම 2024 වර්ෂය වෙනුවෙන් රැස් කර ඇති බව නිවේදනය කර සිටී. ඒ අනුව රු. බිලියන 1,958 ක බදු ආදයමක් 2024 වසර වෙනුවෙන් වාර්තා වී ඇත. මෙය 2023 වර්ෂයට සාපේක්ෂව රු. බිලියන 392.66 ක් හෙවත් 25.1% ක වැඩිවීමකි.

මෙම වාර්තාගත බදු ආදායම සඳහා වැඩිම දායකත්වය ආදායම් බදු මගින් ලැබී ඇති අතර එය රු. බිලියන 1,023.20 කි. මීට අමතරව එකතු කළ අගය මත බදු රු. බිලියන 714 ක්, සමාජ ආරක්ෂණ බදු රු. බිලියන 187 ක්, ඔට්ටු හා සූදු බදු රු. බිලියන 14.92 ක් හා කොටස් ගනුදෙනු බදු ලෙස රු. බිලියන 3.12 ක් ලෙසින් සමස්ත බදු ආදායමට ඉහළ දායකත්වයක් ලබා දීමට සමත් වූ සෙසු බදු වර්ග වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *