ටෙස්ට් ක්‍රිකට් පිටියට අලුතෙන් එක් වූ කරන් පුරුක

ඇෆ්ගනිස්තානයට එරෙහිව ඊයේ (26) බුලවායෝහිදී ආරම්භ වූ තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී සිම්බාබ්වේ වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගැනීමට 28 හැවිරිදි බෙන් කරන් සමත් විය.

ඔහු සිම්බාබ්වේ වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 130වන ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්විය‍.

ක්‍රිකට් පරම්පරාවකට උරුමකම් කියන්නෙකු වන බෙන් කරන්ගේ බාල සහෝදරයා 26 හැවිරිදි සෑම් කරන් වන අතර, ඔහු වත්මන් එංගලන්ත කණ්ඩායමට නැතිවම බැරි තුන්ඉරියව් ක්‍රීඩකයෙකි.

එමෙන්ම ඔහුගේ වැඩිමහල් සහෝදරයා 29 හැවිරිදි ටොම් කරන් වන අතර‍, ඔහුද එංගලන්තය නියෝජනය කරමින් ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරග සඳහා ක්‍රීඩා කර ඇත.

මෙම කරන් සහෝදරයන්ගේ පියා අභාවප්‍රාප්ත කෙවින් කරන් වන අතර, ඔහු 1983 – 1987 කාලසීමාවේ සිම්බාබ්වේ නියෝජනය කරමින් එක්දින තරග ඇතුළුව පළමුපෙළ තරග රැසකට ක්‍රීඩාකළ අයෙකි.

එමෙන්ම කරන් සහෝදරයන්ගේ සීයාවන පැට්‍රික් කරන් එවකට සිම්බාබ්වේ හැඳින් වූ රොඩේසියාව නියෝජනය කරමින් වසර 1950ට පෙර කාලසීමාවේ පළමුපෙළ ක්‍රිකට් තරග ක්‍රීඩාකළ අයෙකු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *