2018 වසරින් පසු වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය සනිටුහන් කරමින් 2024 වසර තුළ සංචාරකයින් 2,053,465ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
2018 වසරේ මෙරටට පැමිණි සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වුනේ 2,333,796 ලෙසයි.
2023 වසර හා සැසදීමේ දී 2024 වසරේ සංචාරක පැමිණීමෙහි ලක්ෂ 7කට ආසන්න සැලකිය යුතු වර්ධනයක් දැක ගත හැකි වීම විශේෂත්වයකි.
තව ද 2018 වසරින් පසු එක් මසක දී වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා කරමින් 2024 දෙසැම්බර් මාසයේ දී සංචාරකයින් 248,592ක් මෙරටට පැමිණ ඇති බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාව මගින් වැඩි දුරටත් පෙන්වා දී ඇත.
ඒ අනුව 2024 දෙසැම්බර් මාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 52,881ක් ලෙසයි.
මීට අමතරව රුසියාවෙන් සංචාරකයින් 35,268ක්, එක්සත් රාජධානියෙන් 18,757ක්, ජර්මනියෙන් 14,703ක් ලෙස දෙසැම්බර් මාසයේ වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.