අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැතිර යන ලැව්ගින්නෙන් මියගිය පිරිස 24 දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම ලැව්ගින්න ලෙස වාර්තා අතරට එක්ව ඇති පැසිෆික් පැලිසේඩ් ලැව්ගිනි ආරම්භ වී මේ වනවිට දින 6ක කාලයක් ගත වී තිබේ.
ලැව්ගිනි පාලනයට අදාළ අංශ දැඩි පරිශ්‍රමයක් දරණ පසුබිමක වුවත් ඒවා සම්පූර්ණයෙන් පාලනය කිරීමට ඔවුන් මෙතෙක් සමත්ව නැහැ.
ඒ අනුව මේ වනවිට ඉන් මියගොස් ඇති පිරිස 24 දක්වා ඉහළ ගොස් ඇති අතර බහුතර මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඊටන් ලැව්ගින්න පැතිර ගිය කලාපයෙනි.
අක්කර 40,000 ඉක්මවූ භූමි ප්‍රමාණයක පැතිර ගිය ලැව්ගින්නෙන් හානි වී හෝ විනාශ වී ඇති ගොඩනැගිලි ගණන 12,000 ඉක්මවයි.
ඒ අනුව මේ වනවිට ගණන් බලා ඇත්තේ. මෙම ව්‍යසනයෙන් සිදුව ඇති හානිය අමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන බවය.