හාමනියට ලෑස්තිවෙන්න – ඇතුල්වීම නොමිලේ

Harmony Center සංස්කෘතික අවකාශය සංවිධානය කරන 2025 වසරේ පළමු සංවාදාත්මක සංගීත සැදෑව අද (05) සවස 6.00ට බොරලැස්ගමුවේ Harmony Centerහිදී පැවැත්වේ.

ගිය අවුරුද්ද පුරාවට සිනමා, නාට්‍ය දර්ශන සහ කතිකා, සංගීත ප්‍රසංග සහ Human Library, Community Kitchen වැනි වෙනස්ම විදියේ අත්දැකීම් ප්‍රේක්ෂක ජනතාවට ලබා දෙමින් සති අන්ත වර්ණවත් කරන්න මෙන්ම හරවත් කරන්නට Harmony Center අවකාශයට හැකි විය.

කෙටි විරාමයකට පසු හෙට දින නැවතත් ඒ අපූරු නැවුම් අත්දැකීම ඔබට ලබාදෙන්න ඔවුන් සූදානමින් සිටියි.

එදාට ජනප්‍රිය ගායනවේදී නදීක ජයවර්ධන සමග No Names Collective සංගීත කණ්ඩායම සංගීතයේ වෙනස් රසයක් එක්ක ඉස්තරම් හවස් වරුවක් මවන්නට සැදී පැහැදී සිටියි.

ඒ වගේම ප්‍ර්‍රවීණ රංගනවේදී ප්‍රියන්ත සිරිකුමාර පුරවැසි සමාජ දේශපාලනය ගැන කරන නැවුම් නාට්‍යමය ඉදරිපත් කිරීමක් පෙරටු කරගත් පැමිණෙන සියලු දෙනාම මැදිහත් වන හර බර සැර සංවාද කවයක් නිර්මාණය කරන්නට සියලු කටයුතු සුදානම් වී තිබේ.

ඉතිං Harmony Center සංස්කෘතික අවකාශයේ සංවිධාන ශක්තිය No Names Collective ඔබ සැමට ආරාධනා කරන්නේ මෙම සංගීත සැදෑවයි සංවාදය සමඟ එකතු වෙන ලෙසය

ටිකට් ගන්න ඕනෙ නෑ මේ හැන්දෑව සම්පූර්ණයෙන්ම නොමිලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *