තෛපොංගල් දිනය අදයි

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ. ලොවපුරා වෙසෙන හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින් සැමරීම සිදුකරනු ලබයි. සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදීත්වය දැක්වීම තෛපොංගල් උත්සවයේ විශේෂත්වයයි. හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදුවන අතර කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම ද…

Read More

හිමිකම සනාථ කිරීමට නොහැකිවූ වාහන?

ගණේමුල්ල – ගලහිටියාව ප්‍රදේශයේ නිවසක හිමිකම සනාථකිරීමට නොහැකිවූ සුඛෝපභෝගී ජීප් රථ 3ක් සහ වැගන් ආර් රථයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. සොයාගත් එම වාහනවල වටිනාකම කෝටි 12කට අධික බව පොලීසිය සඳහන් කළේය. රාගම බටුවත්ත ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයෙදී පොලිස් නිලධාරීන් විසින් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් පරීක්ෂාවට ලක්කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැනවැදී පළාගිය…

Read More

වැඩ බලන අමාත්‍යවරු 05ක් පත්කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශය 03 සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා ප්‍රවාහන හා මහාමාර්ග සහ…

Read More

ජනපති චීනය බලා පිටත් වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා අද (13) රාත්‍රියේදී පිටත්ව ගොස් තිබේ. චීන ජනාධිපති ෂී ජින් පින් මහතා සිදුකළ ආරාධනාවක් අනුවය.

Read More

අසත්‍ය පුවතක් ගැන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් නිවේදනයක්

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, සේවාදායක සමාගම් වෙනුවෙන් අනුමතකර දී ඇති කිසිදු ජංගම දුරකථන පැකේජයක මිල ගණන් ඉහළ දැමීමකට අවසර…

Read More

දුමින්ද ජාතික රෝහලෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලැබූ මරණීය දණ්ඩනය නියමව සිටින දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර තිබෙන බව වාර්තා වේ. ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ මත මීට පෙර වසරකට අධික කාලයක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියේය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, දුමින්ද සිල්වාට තවදුරටත් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා දිය යුතුද යන්න…

Read More

සිව්දින සංචාරයකට ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා මෙම සංචාරයෙහි නිරත වේ. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, චීන ජනපති ෂී ජින් පිං, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං ඇතුළු…

Read More

ඖෂධ පරීක්ෂාගාර ගැන රජයේ අවධානය

ඖෂධ පරීක්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂාගාර කිහිපයක් ඉදිරියේ දී ඉදිකිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාතංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. අසාදුගත සමාගමක් ඖෂධ ආනයනයන කිරීම සම්බන්ධයෙන් ද එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය. මහනුවර ප්‍රදේශයේ මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට සෞඛ්‍ය අමාතංශයේ ලේකම්…

Read More

අද ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…

Read More

දුරුතු පුර පසළොස්වක පොහොය අදයි

වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතු පුර පසළොස්වක පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර ඇති බවත් නැවත දඹදිවට වැඩ කිරීමට ප්‍රථම උන්වහන්සේ ලක්වාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා කේෂ ධාතූ…

Read More