ජපානයට භූ කම්පනයක්

ජපානයට රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හටගෙන තිබේ. ඒ අනුව එරට ප්‍රාන්ත දෙකක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පියවර ගෙන තිබේ. භූමිකම්පාව සැතපුම් 23ක් ගැඹුරින් සිදුව ඇති අතර එය ප්‍රධාන වශයෙන් නිරිතදිග කියුෂු කලාපයට බලපා ඇති බවත් සඳහන් වේ. එරට දේශීය වේලාවෙන් රාත්‍රි 9.19ට මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති…

Read More

ලැව්ගින්නෙන් මියගිය ගණන 24 දක්වා ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැතිර යන ලැව්ගින්නෙන් මියගිය පිරිස 24 දක්වා ඉහළ ගොස් තිබේ. අමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම ලැව්ගින්න ලෙස වාර්තා අතරට එක්ව ඇති පැසිෆික් පැලිසේඩ් ලැව්ගිනි ආරම්භ වී මේ වනවිට දින 6ක කාලයක් ගත වී තිබේ. ලැව්ගිනි පාලනයට අදාළ අංශ දැඩි පරිශ්‍රමයක් දරණ පසුබිමක වුවත් ඒවා සම්පූර්ණයෙන් පාලනය කිරීමට ඔවුන් මෙතෙක් සමත්ව නැහැ. ඒ අනුව මේ…

Read More

මෝදිගේ මීළඟ සංචාරය?

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශයේ සංචාරයක නිරත වන බව ප්‍රංශ ජනාධිපති නිවේදනය කර තිබේ. ප්‍රංශ පුවත් වාර්තා පෙන්වා දෙන්නේ නරේන්ද්‍ර මෝදි පෙබරවාරි මාසයේදී පැවැත්වෙන කෘත්‍රිම බුද්ධි ක්‍රියාකාරී සමුළුවට සහභාගී වීමට නියමිත බවය. කෙසේවෙතත් ඉන්දීය රජය තවමත් අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බවද වාර්තා වෙයි.

Read More

අමෙරිකාවේ ලොක්කෙක් ඉන්දියාවට

අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක අද (05) ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ. ඒ දෙදින නිල සංචාරයක් සඳහාය. සිය ඉන්දීය සංචාරයේදී ඔහු ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ අනෙකුත් ඉහළ රාජ්‍ය නිලධාරීන් හමුවීමට ද නියමිත ය. එහිදී කලාපීය සහ ගෝලීය ගැටලු පිළිබඳ පුළුල් පරාසයක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම අමෙරිකාවේ ජාතික ආරක්ෂක…

Read More

NASA යානයක් සූර්යයා ළඟටම

නාසා ආයතනය මගින් යවන ලද අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ ඉතා ආසන්නයට ළඟා වී තිබේ. එම යානාව ඉතිහාසගතවන්නේ සූර්යයා ආසන්නයට ම ගොස් නිරුපද්‍රිතව සිටීමට සමත් වූ යානාව ලෙසට ය. “Parker Solar Probe” නම් එම අභ්‍යවකාශ නිරීක්ෂණ යානයෙන් අද (05:00 GMT) විද්‍යාඥයින්ට සංඥා ලැබී තිබුණි. දින කිහිපයක් ඉන් සංඥා නොලැබී තිබුණු හෙයින් එය සූර්යයා ගේ අධික උෂ්ණත්වයට විනාශ…

Read More