මෝදිගේ මීළඟ සංචාරය?

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශයේ සංචාරයක නිරත වන බව ප්‍රංශ ජනාධිපති නිවේදනය කර තිබේ. ප්‍රංශ පුවත් වාර්තා පෙන්වා දෙන්නේ නරේන්ද්‍ර මෝදි පෙබරවාරි මාසයේදී පැවැත්වෙන කෘත්‍රිම බුද්ධි ක්‍රියාකාරී සමුළුවට සහභාගී වීමට නියමිත බවය. කෙසේවෙතත් ඉන්දීය රජය තවමත් අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බවද වාර්තා වෙයි.

Read More

සිව්දින සංචාරයකට ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා මෙම සංචාරයෙහි නිරත වේ. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, චීන ජනපති ෂී ජින් පිං, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං ඇතුළු…

Read More

අද මගේ අන්තිම දවස

ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ට පිට දඟ පන්දු යවන්නෙක් වන රවිචන්ද්‍රන් අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී තිබේ. ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර බ්‍රිස්බෙන්හිදී අද (18) අවසන් වූ තුන්වැනි ටෙස්ට් තරගය අවසානයේ ඔහු ඒ බව නිවේදනය කර තිබුණි. බෝඩර්-ගවස්කාර් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන තරග 5කින් යුත් තරගාවලියේ තවත් තරග 2ක් ඉතිරිව තිබියදී ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත්කිරීම විශේෂත්වයක්ය. 2010 වසරේ…

Read More

ටෙස්ට් ක්‍රිකට් පිටියට අලුතෙන් එක් වූ කරන් පුරුක

ඇෆ්ගනිස්තානයට එරෙහිව ඊයේ (26) බුලවායෝහිදී ආරම්භ වූ තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී සිම්බාබ්වේ වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගැනීමට 28 හැවිරිදි බෙන් කරන් සමත් විය. ඔහු සිම්බාබ්වේ වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 130වන ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්විය‍. ක්‍රිකට් පරම්පරාවකට උරුමකම් කියන්නෙකු වන බෙන් කරන්ගේ බාල සහෝදරයා 26 හැවිරිදි සෑම් කරන් වන අතර, ඔහු…

Read More

ෂකීබ් අසමත් වේ

පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වී සිටින බංග්ලාදේශ හිටපු නායක ෂකීබ් අල් හසන්, තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට පෙනී සිටි දෙවන පරීක්ෂණයෙන් ද අසමත් වී තිබේ. පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ලවීමෙන් පසු ඔහු එක්සත් රාජධානියේ ලෆ්බරෝ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ මධ්‍යස්ථානයේ පෙනී සිටියේය. එහිදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බව තහවුරු විය. ඒ…

Read More

මහනුවර සියරට හර්බල්ස් 25 වන සංවත්සරය සමරයි

මහනුවර පල්ලෙකැලේ සියරට හර්බල්ස් 25 වන සංවත්සරය සමරයි.කීර්තිමත් පාරම්පරික වෛද්‍යවරයෙකු වන රංජන් මුහන්දිරම් මහතා 2000දී ඇරැඹූ සියරට හර්බල්ස් සහ සියරට පාරම්පරික රෝහල වෛද්‍ය උරුමය සුරකිමින් විශිෂ්ට රෝගී සත්කාර සේවා සපයයි. රට පුරා ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇති මුහන්දිරම් වෙද මහතා පැවැත එන්නේ වසර දහසකට වැඩි ඉතිහාසයක් සහිත දෙවුන්දර ප්‍රදේශයේ වෙද පරම්පරාවකිනි. ඔහුගේ පියාගේ පරම්පරාව සර්වාංග…

Read More

හාමනියට ලෑස්තිවෙන්න – ඇතුල්වීම නොමිලේ

Harmony Center සංස්කෘතික අවකාශය සංවිධානය කරන 2025 වසරේ පළමු සංවාදාත්මක සංගීත සැදෑව අද (05) සවස 6.00ට බොරලැස්ගමුවේ Harmony Centerහිදී පැවැත්වේ. ගිය අවුරුද්ද පුරාවට සිනමා, නාට්‍ය දර්ශන සහ කතිකා, සංගීත ප්‍රසංග සහ Human Library, Community Kitchen වැනි වෙනස්ම විදියේ අත්දැකීම් ප්‍රේක්ෂක ජනතාවට ලබා දෙමින් සති අන්ත වර්ණවත් කරන්න මෙන්ම හරවත් කරන්නට Harmony Center අවකාශයට හැකි විය….

Read More

නිෂ්කාශනයේ ප්‍රමාදය දින 4ක් තුළ අවසන් කිරීමට ජනපතිගෙන් උපදෙස්

වෝහාරික ලිපිකරුවන් කාර්යක්ෂමව කාර්යයේ නිරත කිරීමට වරාය ආශ්‍රිත සේවාවන්හි නිරත වන පෞද්ගලික සමාගම් එකඟ වෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකා රේගුව සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම් අතර ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ ඇත. ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා…

Read More

දුමින්ද ජාතික රෝහලෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලැබූ මරණීය දණ්ඩනය නියමව සිටින දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර තිබෙන බව වාර්තා වේ. ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ මත මීට පෙර වසරකට අධික කාලයක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියේය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, දුමින්ද සිල්වාට තවදුරටත් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා දිය යුතුද යන්න…

Read More

ඖෂධ පරීක්ෂාගාර ගැන රජයේ අවධානය

ඖෂධ පරීක්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂාගාර කිහිපයක් ඉදිරියේ දී ඉදිකිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාතංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. අසාදුගත සමාගමක් ඖෂධ ආනයනයන කිරීම සම්බන්ධයෙන් ද එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය. මහනුවර ප්‍රදේශයේ මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට සෞඛ්‍ය අමාතංශයේ ලේකම්…

Read More