සියඹලා මිල ඉහළ යයි

දේශීය වෙළෙඳපොළේ පවතින සියඹලා හිඟය හේතුවෙන් සියඹලා මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව වාර්තා වේ. සාමාන්‍යයෙන් රුපියල් 350ක් 400ක් වැනි උපරිම සිල්ලර මිලකට අලෙවිකළ සියඹලා කිලෝවක් අද (12) දිනයේ හැටන් ප්‍රදේශයේ රුපියල් 2,000ක සිල්ලර මිලකට අලෙවිකර තිබේ. මේ දිනවල සියඹලා ගස්වල අස්වැන්න නොමැති බවත්, මාර්තු මස අග පමණ වන විට සියඹලා ඵලදාව ලබාගන්නා තෙක් මෙම…

Read More

ලිට්‍රෝ ගෑස් මිල වැඩිවෙයිද?

පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් ජනවාරි මාසය පුරා ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකරන බව සමාගම පවසයි. ඒ අනුව. කිලෝග්‍රෑම් 12.5 ක ගැස් සිලින්ඩරයක් රුපියල් 3690.00 ක් ලෙසත්, කිලෝග්‍රෑම් 05 ක ගැස් සිලින්ඩරයක් රුපියල් 1482.00 ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3 ක ගැස් සිලින්ඩරයක් රුපියල් 694.00 ක් ලෙසත් නොවෙනස්ව පවතිනු ඇත.

Read More

වසරක පහකට පසු වැඩිම සංචාරක පැමිණීම 2024 දී

2018 වසරින් පසු වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය සනිටුහන් කරමින් 2024 වසර තුළ සංචාරකයින් 2,053,465ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2018 වසරේ මෙරටට පැමිණි සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වුනේ 2,333,796 ලෙසයි. 2023 වසර හා සැසදීමේ දී 2024 වසරේ සංචාරක පැමිණීමෙහි ලක්ෂ 7කට ආසන්න සැලකිය යුතු වර්ධනයක් දැක ගත…

Read More

බැංකු ණය ගත්ත අයට සුබ ආරංචියක්

රුපියල් මිලියන 25ට අඩු ණය ගැනුම්කරුවන්ගෙන් 99%කට, තම ණය මුදල් බැංකු සමග නැවත සාකච්ඡා කර ගෙවීම් සැලැස්මකට එකඟ වීමට මාස 12ක සහන කාලයක් රජය විසින් ලබා දීමට කටයුතු කර තිබේ. මහ බැංකුවේ දත්ත අනුව රුපියල් මිලියන 25 සහ 50 අතර ණය ගැනුම්කරුවන් සඳහා ද මාස 9ක දිගුවක් ලබා දී ඇති අතර අනෙකුත් ණය ගැනුම්කරුවන් සඳහා…

Read More

ඉතිහාසයේ ඉහළම බදු ආදායම 2024 දී

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙතෙක් ඉතිහාසයේ රැස් කරන ලද ඉහළම බදු ආදායම 2024 වර්ෂය වෙනුවෙන් රැස් කර ඇති බව නිවේදනය කර සිටී. ඒ අනුව රු. බිලියන 1,958 ක බදු ආදයමක් 2024 වසර වෙනුවෙන් වාර්තා වී ඇත. මෙය 2023 වර්ෂයට සාපේක්ෂව රු. බිලියන 392.66 ක් හෙවත් 25.1% ක වැඩිවීමකි. මෙම වාර්තාගත බදු ආදායම සඳහා වැඩිම දායකත්වය ආදායම්…

Read More

මහනුවර සියරට හර්බල්ස් 25 වන සංවත්සරය සමරයි

මහනුවර පල්ලෙකැලේ සියරට හර්බල්ස් 25 වන සංවත්සරය සමරයි.කීර්තිමත් පාරම්පරික වෛද්‍යවරයෙකු වන රංජන් මුහන්දිරම් මහතා 2000දී ඇරැඹූ සියරට හර්බල්ස් සහ සියරට පාරම්පරික රෝහල වෛද්‍ය උරුමය සුරකිමින් විශිෂ්ට රෝගී සත්කාර සේවා සපයයි. රට පුරා ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇති මුහන්දිරම් වෙද මහතා පැවැත එන්නේ වසර දහසකට වැඩි ඉතිහාසයක් සහිත දෙවුන්දර ප්‍රදේශයේ වෙද පරම්පරාවකිනි. ඔහුගේ පියාගේ පරම්පරාව සර්වාංග…

Read More