තෛපොංගල් දිනය අදයි

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ. ලොවපුරා වෙසෙන හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින් සැමරීම සිදුකරනු ලබයි. සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදීත්වය දැක්වීම තෛපොංගල් උත්සවයේ විශේෂත්වයයි. හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදුවන අතර කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම ද…

Read More

ජනපති චීනය බලා පිටත් වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා අද (13) රාත්‍රියේදී පිටත්ව ගොස් තිබේ. චීන ජනාධිපති ෂී ජින් පින් මහතා සිදුකළ ආරාධනාවක් අනුවය.

Read More

වී මෝල් හිමියන් ලියාපදිංචිය අනිවාර්ය යි.

මහ කන්නයේ වී මිලදී ගන්නා සියලු මෝල් හිමියන් සහ ගබඩාකරුවන් රජයේ වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්යය බව වෙළද වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා පවසයි. ඔහු සඳහන් කළේ ඔවුන් ලබාගන්නා වී පිළිබද දත්ත පද්ධතියක් නිර්මාණය කර එමගින් වී තොග සගවා ගැනීමට නොහැකි අයුරින් වැඩපිළිවෙළක් සකස් කිරීම එහි අරමුණ…

Read More

NASA යානයක් සූර්යයා ළඟටම

නාසා ආයතනය මගින් යවන ලද අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ ඉතා ආසන්නයට ළඟා වී තිබේ. එම යානාව ඉතිහාසගතවන්නේ සූර්යයා ආසන්නයට ම ගොස් නිරුපද්‍රිතව සිටීමට සමත් වූ යානාව ලෙසට ය. “Parker Solar Probe” නම් එම අභ්‍යවකාශ නිරීක්ෂණ යානයෙන් අද (05:00 GMT) විද්‍යාඥයින්ට සංඥා ලැබී තිබුණි. දින කිහිපයක් ඉන් සංඥා නොලැබී තිබුණු හෙයින් එය සූර්යයා ගේ අධික උෂ්ණත්වයට විනාශ…

Read More

ශ්‍රී ලංකා පිල නැවත දිවයිනට

නවසීලන්ත තරග සංචාරයට නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද (13) අලුයම දිවයිනට පැමිණියේය. මෙහිදි අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු, සනත් ජයසූරිය මහතා පවසා සිටියේ, තරගාවලිය පරාජය වීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වෙන බවය. එමෙන්ම තරගාවලියේ දී සිදුවු වැරදි මින් ඉදිරියට සිදුවිය නොහැකි බවත් වැරදි නිවැරදි කරගෙන ඉදිරි තරග ජයග්‍රහණය කළ යුතු බවත් සනත් ජයසූරිය මහතා…

Read More

ෂකීබ් අසමත් වේ

පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වී සිටින බංග්ලාදේශ හිටපු නායක ෂකීබ් අල් හසන්, තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට පෙනී සිටි දෙවන පරීක්ෂණයෙන් ද අසමත් වී තිබේ. පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ලවීමෙන් පසු ඔහු එක්සත් රාජධානියේ ලෆ්බරෝ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ මධ්‍යස්ථානයේ පෙනී සිටියේය. එහිදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බව තහවුරු විය. ඒ…

Read More

හිමිකම සනාථ කිරීමට නොහැකිවූ වාහන?

ගණේමුල්ල – ගලහිටියාව ප්‍රදේශයේ නිවසක හිමිකම සනාථකිරීමට නොහැකිවූ සුඛෝපභෝගී ජීප් රථ 3ක් සහ වැගන් ආර් රථයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. සොයාගත් එම වාහනවල වටිනාකම කෝටි 12කට අධික බව පොලීසිය සඳහන් කළේය. රාගම බටුවත්ත ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයෙදී පොලිස් නිලධාරීන් විසින් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් පරීක්ෂාවට ලක්කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැනවැදී පළාගිය…

Read More

ගාලු කොටුවට යනවා නම්…

ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ දින හතරක් තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කරයි. ඒ අනුව එම පැරණි කොටු දොරකඩ හෙට (28) සිට 31 වනදා දක්වා තාවකාලිකව වසා තැබේ. ඒ පුරාවිද්‍යා ස්මාරකයක් වන ලෝක උරුම ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ රසායනික සංරක්ෂණය කිරීමේ කටයුත්තක් හේතුවෙනි….

Read More

මෝදිගේ මීළඟ සංචාරය?

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශයේ සංචාරයක නිරත වන බව ප්‍රංශ ජනාධිපති නිවේදනය කර තිබේ. ප්‍රංශ පුවත් වාර්තා පෙන්වා දෙන්නේ නරේන්ද්‍ර මෝදි පෙබරවාරි මාසයේදී පැවැත්වෙන කෘත්‍රිම බුද්ධි ක්‍රියාකාරී සමුළුවට සහභාගී වීමට නියමිත බවය. කෙසේවෙතත් ඉන්දීය රජය තවමත් අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බවද වාර්තා වෙයි.

Read More

වාහන මත පැනවෙන ආනයන බදු 500% ඉක්මවා ඉහළ යන ලකුණු

මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ, එලෙස වාහන මිල ගණන්වල වැඩිවීම කෙරෙහි වැට් ඇතුළු තවත් බදු වර්ග තුනක් ද බලපා ඇති බවය. “වාහනයේ වටිනාකම මත විශේෂ ආනයන බද්දක් පවතිනවා. ඊට…

Read More

දුරුතු පුර පසළොස්වක පොහොය අදයි

වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතු පුර පසළොස්වක පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර ඇති බවත් නැවත දඹදිවට වැඩ කිරීමට ප්‍රථම උන්වහන්සේ ලක්වාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා කේෂ ධාතූ…

Read More